"දැන් හුගක් රෑ වෙලානේ මයෙ පුතේ.. නිසල් පුතා ආවහම මයෙ දූ ගෙදර යන්ට. අර පාළු සොහොන පහු කරන් මේ රෑ යාමේ යන්ට පුළුවන්වැයි මේ දැරිවිට ............... නෑ වෙද සීයේ මන් කළුවරට බය නැහැ මට අතරමගදී මහත්තයා හම්බෙයි"
මා වෙද සීයාගේ නිවසට යෑමට පටන් ගෙන අදය අට මාසයකුත් සති දෙකක් ගත වේ . මාගේ කුළුදුල් දරැ උපතට තව යෙදී තිබුණේ දින කිහිපයක් පමණි. වෙද ගෙදරට යාමේ මාගේ අරමුණ වූයේ මාගේ කායික මෙන්ම මානසික සුවය මට එහිදී ලගා කර ගත හැකි බැවිණි. නමුදු මාගේ සැමියා තුල නම් ඒ පිළිබද තිබුණේ බලවත් අප්‍රසාදයකි.
රාත්‍රී අන්ධකාරයට මා තුල බියක් ජනිත නොවේ. මේ අන්ධකාරයේ නිසල බවට මා ප්‍රේම කරනුයේ නිරායාසයෙනි.
"ළමයෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් නේද ඔයා ,හරිම ෂෝක් යන ගමන් බිමන් රෑ ජාමේ......... ඇයි නිසල්......... මම ගියෙ වෙද ගෙදරනේ ............... දැන් වෙලාව කීයද දන්නවද ඔයා.."
මෙලෙස ගැටුම් ඇති වූ පළමු දිනය එය පමණක් නොවේ . ඔහු තරමක් වෙනස් ගති පැවතුම් ඇත්තෙකි . ඉහළ පෙළේ වාණිජ ආයතනයක කළමණාකරැවෙකු වූ ඔහූ 21 වෙනි සියවසේ වුව මිතයා විශ්වාසයන් අගය කරනුයේ හිස් මුදුනෙනී.මා කිසි වෙටෙක් ඔහු හා ඒ පිළිබද තර්කයන්ට එළඹී නැත. මක් නිසාද යත් එය ගගට ඉණි කැපීමට සම වන බැවිණි.
දින කිහිපයක් ගත විය දරැ ප්‍රසූතිය සදහා මාගේ වේදනාව උත්සන්න විය . සැමියා මා යුහුසුළුව රෝහල් ගත කරන ලදි.
තප්පර විනාඩි බවට පත්වී .. විනාඩි පැය වලට පෙරළී පැය කිහිපයක් ගත විය . වේදනාව හැරෙන්නට දරැවෙකු හඩන හඩක් මා දෙසවනට නෑ
සුනේ ඇයිද මට විටෙක සිතුණි. මා දෑස් හැර බලන කල නිසල් මා ඉදිරියේය . ඔහු සිටියේ හිස් අතිනි , හිනාවක් සේයාවක් ඒ මුහුණ තුල නම් නොතිබුණි .
"අපේ දරැව ....." මට නිරායාසයෙක් කියැවිණි . මා ඔහුගේ දෑත් මෘදුව ස්පර්ශ කරන විට ඔහු මා දෑත ගසා දමා දේවේෂයෙන් මා දෙස බලා සිටී .
"මේ ඔක්කොම තමුසෙගෙ වැරදි .. වෙද ගෙදර සොහොන් අස්සෙන් රෑට රෑට රිංගද්දි මන් හිතුව මොනවා හරි නස්පැත්තියක් වෙයි කියලා ... අපිට අපේ දරැවා නැති වුණා... කලු කුමාර දිෂ්ටිය තමුසෙගෙ ඇගට අතුළු වෙලා .. "
ඔහු පවසන දෑ ඇසුනා මිස ඒ ගැන ඒ ගැන හිතන්නට තියා හඩන්නටවත් මට ඒ මොහොතේ ශක්තියක් නොවීය. තවද මාගේ උදර වේදනාව තව දුරටත් තිබුණි . ලේ යාමද පාලනයක් නොවීය. මාගේ සැමියා සිල්ලටම හේතුව කලු කුමාර දිෂ්ටිය බව සිතමින් මා නිවසට රැගෙන යන විට යාගයකට සියළු දේ ලක ලෑස්ති කොට හමාරය . මා ඊට ඉඩ දුන්නා මිස ඔහුට මැදිහත් නොවිණි.
"මේ යාගයෙන් හැමදේම හරියයි නේද කට්ටඩි රාළ .. මොකද අපේ නෝනා මේවා වැඩිය විශ්වාස කරන්නේ නෑ"
"හා හා මහත්තයෝ කට .. අපි බෙන්තර මිනිස්සූ ..... කළු කුමාරයගෙ හානිය වැඩිපුරම බලපාන්නේ කාන්තා පාර්ෂවයට හැබැයී ඒකෙන් කියන්නේ නෑ පිරිමින්ට බලපෑමක් නෑයි කියලා ...............
ඔය දිෂ්ටිය වැටුණහම මහත්තයෝ ....ගැබ් ගත්තු කලල විනාශ කොරනවා ... ලේ ගැලීම් ඒ බවලත් උදවියගේ ඇති වෙනවා ... ඒකට ගෑනු දැන ගන්ඩ ඕනේ තනි පංගලමේ සොහොන් ගාවින් , ගොම්මනේ රෙදි හෝදන්ට කාරිය නොයා ඉන්ට...
මාත් අපේ එක්කෙනාට කිව්වා .. කොහෙද එයා මාව මායිම් කරේ නෑනේ එහෙනන් අද මෙච්චර දෙයක් වෙන්නේ නෑ ....
බෙන්තර අපිට ආවේණික ශාන්ති කර්මයක් තමයි මහත්තයෝ "කලු කුමාර සමයම " කියන්නේ .... මේවා එහෙම ආවට ගියාට කොරන්ඩ පුළුවන් ජාරකාරී හෙම නොවෙයී ....... මහත්තයා මන් අර කිව්ව ද්‍රව්‍ය ටික ඒ විදිහට පිළියෙල කොලා නේද ?
ඔව්.... කට්ටඩි රාළ ..
හොදා හොදා ...
කිව්ව විදිහටම කුමාර කලස සකස් කරා මැටි කලයක් අරගෙන ගොන් තෝඩූ පහක් බැදලා ,පොල් මලක් , ඇට වර්ග , බිත්තරයක් , පඩුරැ පූජා ද්‍රව්‍ය දාලා සේරම හරී.....
එහෙනන් මහත්තයෝ ... මහත්තයගෙ නෝනා නිදාගන්න ඇද විට්ටමේ හරී වහලේ හරි ආතුරයට නිතර පේන්ඩ ඒ කලස එල්ලල තියන්ඩ ඕනේ .. එකෙන් ආතුරයට කිසිම ප්‍රශ්නයක් වෙන්න්නෑ කියලා බියක් ඇති වෙන්නේ නෑ .. මහත්තයගෙ නෝනා මේවා විශ්වාස කොරේ නැතුවට මේවා බොහොම පිළිවෙලට කරන්ඩ ඕනේ රාජකාරී ...."
මා මේ සියල්ල දෙසම ඉතා උපේක්ෂාවෙන් බලා සිටි අතර ඔහු මේ සියල්ලම සිදු කරනුයේ මා ගැන උපන් ස්නේහයෙන් බැව් අමතක නොකල යුතුමය .එබැවින් ඔහුගේ මතයට ඉඩ දී මම බලා හිදී.
නමුදු බෙන්තර ප්‍රදේශයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ උඩරට,සබරගමුව, මාතර ප්‍රදේශ වල පවා මේ කලු කුමාර යාගය පවත්වනු ලැබේ. එහෙත් මෙයින් ප්‍රකාශිත අන්දමට සැබෑ ලෙසම කලු කුමාරයා යනු කාන්තාවන් තුල ඇති වන සැබෑ පාලුව තනිකම හේතු කොට ගෙන ඇතිවන චින්තාවලිය පුද්ගල ස්වරෑපයකට පෙරළීමක් බව කාන්තාවක් ලෙස මාගේ අදහස වේ.
රසා💜️
Hs/2016/0916








