Followers blogger

Saturday, June 29, 2019

කදුළු දහඩිය
ලේ කිරට නොව
ආදරය හා මුසුව යහමින්
මවක සේ ඔබ මා දැඩි කලා
පියාණෙනී
දහඩියේ මහ අමුතු
ලුණු රස
නුඹට කොතරම් රසට දැණුනද
මගේ කුසගිනි
දැනුණු හින්දද
ඒ රසම නුඹ සෙව්වේ
ජිවිතයම උකස් කොට
හුස්ම නුඹගේ මිහිදන්
කලා මා වෙනුවෙන්
පියාණෙනි
සෙනෙහසේ වදන් කොයින්ද
ඒ ගුණ වැයීමට

රසා😘😘

Thursday, June 27, 2019


මලක් පරවී බිමට වැටිලා
හඩයී
ගසට බර වීදෝ එමල
සුළග ඈ ඩැහැගත්තාද
ඇගේ වේදනාව සුළගේම ගසා යයී
මග යනෙන උන්
ඈව පාගා හිංසාව ලං කරයී
ඇයි වේදනාව
වේදනාව උරැම උන්ටම
ඇය ඔවුන්ගෙන් අසයි
ඔවුන් නිහඩයී
ඇය කෑ ගසා හඩයි
ඔවුන් නිහඩයී
ඇයිද උබලා නිහඩ
කාම කෙලෙසුන් නරය
හිනාව පමණද වලංගු උබලට
ඇයි කදුල ?





Monday, June 24, 2019

අපි නොහිතාම  ඉමු
ආදරේ අඩුපාඩු නම්
අපි නොඅසාම ඉමු
අපෙ හිත් ඒ රිදුණු තැන්
අපි හිනාවෙන හැම තප්පරේටම
ආදරෙන්
අපි සිහිකරන් ඉමු
ඒ මොහොතවල් නිරතුරින්
කදුළු කුමටද
ආදරේ නාමයෙන්
ඔබ දුරින් වුව
මට ලගයි මගෙ හදවතින්

රසා

Sunday, June 23, 2019


හිනාව උඹත් හරි පුදුමයි
ඕනි තැනදි උඹ නිහඩයි
කදුලු එක්ක හරි වෛරයී
කදුලු මට හරි එකතුයී
හිත හරියට ඉට් වාගෙයී
පිච්චි පිච්චි බිමට වැටෙයී
 වැටෙන හුස්ම මෙන් බර ඇති
ජීවිතයත් හරි නිහඩයී

❤රසා❤

Saturday, June 22, 2019

සුසුමක් කතා කරයි
කදුළක් බිමට වැටෙයි
පාවෙන්න පාවෙන්න
හද හුගක් රිද්දවයී
තවත් වස්සානයක්
එපා මට නුඹෙ නමින්
තවත් ගිම්හානයක
මතක පොදි නෑ යලිත්
ඇවිලෙන් අවිලෙන්න
ඒ මතම සැතපෙමින්
ප්‍රේමය සෙව්වා මන්
ලග ඉන්න තප්පරෙත්
ආලයට කාලයක්
කාලයට නෑ ඉඩක්
අපිත් අපෙ නොවුන නන්
කුමටද එහෙව් කාලයක්
මටත් හිත වේදනයි
හිතත් හරි මූසලයී
හිනාවෙන්න හැදුවොතින් 
අලයත් ඔච්චම් කරයී

         රසා

Friday, June 21, 2019

වියපත් වූ දා
ප්‍රේමය වියපත් නොවීය
තැම්පත් සෙනෙහස
පපු කුහර පුරා
තවමත් ඔච්චම් කරයිද
නුඹ නැතිවා වුව
මා අසලම මට
තවම දැනේ නුඹෙ සිසිලස
කවියක් වීලා හදෙහි සැරි සැරෑ
මට දැන් වාරැව නොවීය
අපි හමුවූදා ඉස්සර ඈතක
තවමත් මතකය දිවීය
ආසයි මොහොතක
යොවුන් ඉමට ගොස්
ඔය දෙඇසේ රැව දකින්ට
මරණය හිනැහෙයි
අද  හෙට මා එමි ඔබෙ තුරැලට
එතෙක් ඉවසන්න
මා කෝකිලාවී
ප්‍රේමය කවියකි මෙසේය

රසා

Tuesday, June 18, 2019

නූරිට ලියමී❣️❤




මන් ආදරේ උඹේ පිස්සුවට
ඒ පිස්සුවෙන් පිස්සු වැටුණු
උඹෙ ආදරේට
සිතුවිලි පණ අදින හැම මොහොතකම
මට මැවුණෙ උඹෙ ආදරය
අපි හුගක් ලං වුණේ
ඒ නිහඩ මොහොත තුල
මට භාවනාවක් වගේ මැණික
ඔය වචන සීතලයි හදවතට
කියන්නද නුඹට මන්
මට නුඹට දැනෙන තරම
මටම නොහැගුණු 
මගේම වුණු
මගේ පණ එතැන රැදුණු

රසා

Sunday, June 16, 2019




සිහින මන්දාකිනියේ පිපෙන්නට
අවසරයිද නුඹෙ සෙවනේ
තවත් නෑ කාලය අපට
ජීවිතය හරි කෙටී සොදුරේ
අපිට ආදරයට ආදරේ කරන්නට
කාලයයි අවසර දුන්නේ
උබට මතකයිද
ආදරේ ඉල්ලූවෙ මමනේ
ලස්සන අකුරැ වලට
හරවන්ට ආදරේ මට බැරැව ඇති
මරණය පෙනී පෙනී මා
ජීවිතය ගෙවන හැටී
තව දවසක් ජීවිතේ
ඉල්ලන්නට ආස හැටී
මට නුඹෙ උණූහුම ඕන හැටි
සමාවෙන්න සොදුර
මගෙ හුස්ස හරිම කෙටී

රසා


Friday, June 14, 2019

මේ අපේ කතාව




ආදරේ ලදරැ විය
ජීවිතේ නොතේරැනු
අපි ආදරේ හිතපු නොගැලපුණු
අමුතු තැන්
ආදරය දැනුනු කල
හිතම හීනියට රිදුණු
අහිමි වුණු ආදරය
මතක මත්තෙම රැදුණු
ජීවිතය එක තැනක
නොසගවා නතර වුණු
ඒත් අපි
ආදරය නො දිනු කල
ජීවිතෙන් පැරදිය යුතුද?
නැත කිසි කලෙක
ජීවිතය ජීවත් කරවිය යුතුය
නමුදු අවසන ජීවිතය වන්නේ
තවකෙකු විය හැකිය
ඒ නුඹට හිමි අයම විය යුතුය
ඉතින් ජීවිතය පුදුමය
ආදරෙයි යැයි සිතූ
ආදරය කෙරෑ
යුග දිවිය ලැබූ
තෙවිදියක ජීවිතේ
අපූරැවයි සිතූ

රසා




Thursday, June 13, 2019

ඔවුන් ලොව තනනවා රහසේ



සිප් සතර දෙන් සිල්ප ඇදුරිදු
කතර සනහන දිය බිදක් බදු
පවසා නිවනා ශිල්පයෙන් මතු
දියුණු පතනා දුරැණිදුනි මෙතු

දුෂ්ශෙන් ලා අදත් සිටිතී
අල්තිනායිලා ව නගතී
ඈත ලෙල දුන් පොප්ලරයො මෙන්
ඔහුවූ ඒ මග බලා ඉදිතීයී

ඔලුව මොට වූ මෙහෙව් සමයේ
ඔලු හදන ගුරැ දෙවිදු මෙලොවේ
තවත් ව්යැකී නොමැත මෙලෙසේ
ඔවුහු ලොව තනනවා රහසේ

                      රසා

රෑ මනමාලයා (කෙටි කතාව)

රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත්  දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...