මතක එක්ක ඇවිද යන්න එන්න
මල් පාර දිගේ
අපි පටන් ගත් තැන
එතනයි නුඹ දුටු මුල් දින
මතක පාරන්න ආසයි මන්
කදුළු එක්ක ලස්සනට
වේදනාවල් සොයා යමු
එතනයි නුඹ මා සමග
සිටිය තැන
එක තැනක අපි හිනා වෙමු
සිනාව දැන් කල් ඉකුත් වී ඇත
නුඹේ නිෂ්පාදිතයට
යොදා ගත් අමුද්‍රවය නොපෑහෙන නිසාය
ආදරය නුඹ ක්‍රීඩාවක් කර ගත් දා සිට
මා එහිම රෑකඩයක් විය
අන්තිමේදී ක්‍රීඩාව නුඹම
ඉවත් කරන ලදි
මා නිසොල්මන්ව අදත් බලා සිටී
නුඹ සසැලී දුවන රග
රසා




