Followers blogger
Monday, July 29, 2019
Sunday, July 28, 2019
Friday, July 26, 2019
ඒ හීන වලට අපි ඉඩ දෙමු
කිසිදාක අපේම නොවුනත්
මතකයත් හරි සුන්දරයි
පාලු ගිම්හානයක
අපි වෙන්වෙමු
හමු නොවේවී
මතු දින
මේ හීන
හඩාවී
වලලා දමමු මතකය
යලි මතු වූවත්
එක් නොවන හිතක් මත
ලං වන්නෝ සැවොම
එක් නොවෙතී
වෙන් වන්නෝ
හදවතින් වෙන් නොවෙති
නුඹ මා හදවතින්
වෙන් කලද
මේ හදවතේ
ශේෂ මතකය
යටි සිත තුල
සිර වී තිබේවී
මියෙන තුරැ
💜️රසා💜️
Thursday, July 25, 2019
Wednesday, July 24, 2019
Tuesday, July 23, 2019
Monday, July 22, 2019
අහිමි වූ මගෙ පුතුට
පුතේ නුඹේ නමින්
දෙතන තෙත්වම්වා
අම්මා කෙනෙක් නොව
මම අද වැළපෙම්වා
නුඹට හැඩට සේල ඇදුම්
ගෙතුවෙමී මා
මගෙ තුරැලටවත්
නෑවිත් පුතා ගියා
පුංචී තොටිලක් සැදුවා
නුබේ පියා
නින්ද නැතිව
නුඹ වෙනුවෙන් හීන බලා
කදුළු වැස්සකට කොටුවී මා උන්නා
නව මසකුත් කුසේ දරා
ඉවසූවා
අම්මා කියා නුඹ හීනෙන් පැවසුවා
මා අවදි වන කලට
මා පුතු මිලින වෙලා
අම්මා කෙනෙක් වන්නට මා
නැත පිං කරලා
රසා
Sunday, July 21, 2019
ගලා යන්නට අවසරයී ජීවිතය
මේ ගෙවෙන්නේ අවසාන හුස්ම පොද
මගේ හුස්ම හිර වෙලා අදක නොව
ජීවිතේ පණ ඇද්දේ
හිතක් ලග
මගෙ ඔක්සිජන් හීන වී යාවි
ටිකෙන් ටික හුස්ම පොද
නතර වී අඩ පණ වේවී
මහ අමුතු සීතලක්
දෙතොල් ලග වෙව්ලාවී
ඇස් දෙකත් නිමේෂෙන්
මැකී ඈතට යාවී
ඉතින් මා නික්මුණා
නුඹ සමුගත් හෝරාව
පමණක් සිතේ දරා
නුඹට නොපෙනීම මා නික්මුණා
ජීවිතෙන්
රසා
Saturday, July 20, 2019
Thursday, July 18, 2019
Wednesday, July 17, 2019
Monday, July 15, 2019
බලා ඉන්නනට කල් නැතත් තව
ආදරේ කල නාමයෙන්
පිටව යන්නට ඇවැසිනම් සද
යන්න නුඹ නැත කෝපයක්
මාගේ වූවත් ඇගේ වූවත්
නුඹට මගෙ පෙම සදාකල්
ලග රැදෙන්නට ඇවැසි නැත නුඹ
නුඹෙ සතුට මගෙ හුස්ම මෙන්
තනිය නැත මට
මතක ඇති තව
හුස්ම ගන්නා ටිකට නම්
නුඹේ හදවත ගලක් වූදා
තනිය මට ලෙංගතු වෙමින්
නුඹේ සිහිනය ඇගේ නාමෙන්
සොයා ගන්නට අවසරයී
නික්ම යන්න සබද
කදුළු සගවා හිදිමි මන්
රසා
ආදරේ කල නාමයෙන්
පිටව යන්නට ඇවැසිනම් සද
යන්න නුඹ නැත කෝපයක්
මාගේ වූවත් ඇගේ වූවත්
නුඹට මගෙ පෙම සදාකල්
ලග රැදෙන්නට ඇවැසි නැත නුඹ
නුඹෙ සතුට මගෙ හුස්ම මෙන්
තනිය නැත මට
මතක ඇති තව
හුස්ම ගන්නා ටිකට නම්
නුඹේ හදවත ගලක් වූදා
තනිය මට ලෙංගතු වෙමින්
නුඹේ සිහිනය ඇගේ නාමෙන්
සොයා ගන්නට අවසරයී
නික්ම යන්න සබද
කදුළු සගවා හිදිමි මන්
රසා
Saturday, July 13, 2019
Thursday, July 11, 2019
Saturday, July 6, 2019
Friday, July 5, 2019
Subscribe to:
Posts (Atom)
රෑ මනමාලයා (කෙටි කතාව)
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
-
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
-
මේ අත් දෙක හැමදාම ආදරෙන් මගේ දෑතෙම දැවටෙන්න ඔය ඇස් දෙක හැම මොහොතෙම මගෙ ඇස් එක්ක ගෑවෙන්න ඔය හුස්ම කාටත් කලින් මටම දැනෙන්නට අපි අ...
-
තැලී පොඩී වී කඩා වැටී හඩා වැටෙනා පර මලක් කාගෙදෝ අසහනෙන් මිලිනව රක්ත කදුලක තනි වෙමින් අනේ අසරණ ප...















