
කදුලු හිනැහුණු දෑසකට
වේදනාව මෙයැයි නොපවසන්න
නොලැබෙන පෙමකට හඩන්නෙකුට
ආලය මෙයැයි නොපවසන්න
එක් උමතු හෝරාවක
ප්‍රේමයත් සමග පොරබදින්නට
හදවතින් අවසරයි
ඒ මතක සිහි කරන්නට
එක් අමාවක රැයක විය සිදුරකින්
ලොව දකින්නට වෙහෙසෙන
කණ කැස්බෑවෙකු මෙන්
ප්‍රේමය අමාවක ගන අදුරේ ගිලී ඇත
යලි දකින්නටවත් නොහැකි ලෙස
සිහින පවා එක් ටැම් ගෙයක සිර කොට ඇත
වේදනාවක් දෙන කටුවක්
මොහොතකට කය නිෂ්චල කලද
හදවතේ කතාව අඩපණ කරන්නට
මරණයට වුව නොහැකිය කිසි දින
@රසා@
මරු.😊
ReplyDelete👌
ReplyDelete