Followers blogger

Wednesday, May 8, 2019

පාස්කු මළගම


දෙවියන් වහන්ස අප නුඹව යදිමි

දෙවියන් වහන්ස අප නුඹව අගයමි

දෙවියනි දුටුවාද ඒ විලාපය

ඇසුනාද ඒ දුක් අදෝනා

පාස්කුව මලගමක් විය

රක්ත කදුලක් රටම හැඩවීය

දෙවියනි දුටුවාද ඒ රක්ත ඉරැ දින

සුසුම් හෙලන හිස් හදවත්

අප්‍රාණ සිරුරු මත

වියෝවෙන් හඩන සැටි

තිස් වසරක වියැලුණු කදුලු

යලිත් තෙමෙන්නට පටන් ගෙන

රටම කදුලක හැඩක් ගෙන

ඇයිද යක්ෂයිනි මෙලෙස කම්පා

ලොවට දුන්නේ  දහම පටලා



                           @ රසා@





6 comments:

  1. දෙවියන් පලවා හද කුටීන්හි අරක් ගත් යක්ෂයෝ
    දෙවියන් ගේ නාමයෙන් සුසුම් හෙලනා භක්තිමතුන්
    මහ පොළොව අරක් ගත්
    භීතියක්

    ReplyDelete
  2. සුපිරියි රසා...

    ReplyDelete
  3. Nice work..
    Keep it up.. ❤️🙂

    ReplyDelete
  4. Wow that's good
    That's idea

    ReplyDelete

රෑ මනමාලයා (කෙටි කතාව)

රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත්  දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...