|
|
| Add captio
කුස තුල හොවා නව මස ගිනි ඉසිලූවා
නුබේ දෙනෙත් දැක ගන්නට පෙරැම් පුරා
අම්මා කියන හඩ සිහිනෙන් පවා ඇසුණා
මව් තුරැලේ උන් නුබ පස් යටට වෙලා
නුඹ වෙනුවෙන් පුතුනේ ආදර අම්මා
නොපෙනෙන දෙවියන් පවා විශ්වාස කලා
දෙවියන් මෙලොව නැති බව මා දැන ගත්තා
මගේ පුතුම මරැ තුරැලට අර ගත්තා
නුඹ වෙනුවෙන් දෙතනේ කිරි දෝර ගලා
බිමට පතිත වෙයි කදුළැලි වස්සාලා
කුළුදුල් නුඹේ කිරි සුවදින් මත් වීලා
නුඹේ වෙනුවෙන් උමතු සොවින් මිය යයි මා
අම්මා කියා හැම තැන මට ඇසෙනවනේ
මා තුරැලට වෙලා ඉන්ට වරෙන් පුතේ
නුඹ වෙනුවෙන් ගෙත්තම් කල මෝස්තරේ
පළදවන්න වරම් නැද්ද රත්තරනේ
බුදු කල කිසා ගෝතමී මට සිහි වෙනවා
නොමල ගෙයක අබ ඇට ඈ නොලද නිසා
ඈ මෙන් මගේ හිත ශක්තිය නොමැත පුතා
ලොව එළිය දකින්නට නුඹ පින් නොකර නිසා
ඉවසමි පුතුනී නුඹ වෙනුවෙන් අම්මා
මෙවන් අකල් විපතක් කිසි කල නොම්වා
හීනෙන්වත් ලගට ඇවිත් තුරැල් වෙලා
අම්මේ කියා පලයන් මගෙ හිත හදලා
😢රසා😢
|
Followers blogger
Wednesday, May 22, 2019
අම්මා කියා අමතන් .........😢😢😢😢😢😢😢😢
Subscribe to:
Post Comments (Atom)
රෑ මනමාලයා (කෙටි කතාව)
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
-
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
-
මේ අත් දෙක හැමදාම ආදරෙන් මගේ දෑතෙම දැවටෙන්න ඔය ඇස් දෙක හැම මොහොතෙම මගෙ ඇස් එක්ක ගෑවෙන්න ඔය හුස්ම කාටත් කලින් මටම දැනෙන්නට අපි අ...
-
තැලී පොඩී වී කඩා වැටී හඩා වැටෙනා පර මලක් කාගෙදෝ අසහනෙන් මිලිනව රක්ත කදුලක තනි වෙමින් අනේ අසරණ ප...

එ්ක මරු...
ReplyDelete